Sama (Handcuff) Interview - Wagmeetv

1. සමා මොකද වෙන්නේ මේ දවස් වල ?

මේ දවස්වල අලුත් සින්දුවක් කරන්න ලෑස්ති වෙනවා, මගේ Solo Track එක " අනිත්‍ය " කියලා 

2. ඉස්කෝලේ ගියේ කොහෙද?


D.S.Senanayake College Colombo 7




3. රැකියාවක් කරනවාද?



Music 


4. කසාද බැදලාද?


ඔව් මට දුවෙකුත් ඉන්නවා




5. රැප් පටන් ගත්තේ මොන කලේද?


2007 



6. Silent Killer ඉදලා සමා කියන නමට මාරු වුනේ ඇයි?


Silent Killer මුලින්ම රැප් සීන් එකට අවේ English රැප් අහලා ඒ නිසා English නමක් දා ගත්තේ පස්සේ මට ඕනි වුනා ලංකාවට සෙට් වෙන නමක් දාගන්න පස්සේ මම,  මගේ යාලුවෝ ගොඩක් කියන්නේ මට සමා කියලා දැන් මම එක මගේ රැප් නමට එකතු කරා. 


7 .  4 කල්ලිය සහ Handcuff අතර තියෙන වෙනස මොකක්ද?



Handcuff කියන්නේ අපේ Group එකේ නම එකේ මුලින්ම Membersලා 4ක් හිටියා අපි 4 දෙනා සෙට්වෙලා කරපු Track එක තමයි 4 කල්ලිය, එක අපේ පළවෙනි Music Video එක .


8 .Handcuff එකේ කී දෙනෙක් ඉන්නවාද?

Handcuff පටන්ගත්තේ 4දෙනෙක් ගෙන් දැන් 9 දෙනෙක් ඉන්නවා. 


9 .ඇයි ඔයගොලොන්ගේ සින්දු වලට " මැර සංගීතේ " කියන්නේ?


මැර සංගීතය කියන්නේ Gangsta Music කියන එක, අපි Follow කරේ N.w.a  ඒ නිසා අපි Gangster රැප් කරන නිසාත් එක සිංහල වලට මරුකරගත්තා 


10. Gangsta Music කියන්නේ මොකක්ද?


G Star රැප් කියන්නේ US වල Gangstaලා එයාලාගේ Life Story කියන්න පටන්ගත්තේ නිදහස් වචන ගැලපීමක් පස්සේ ඒක Music එකතුකරගත්තා.



11 .Mainstream සහ Underground අතර වෙනස මොකක්ද?



Underground කියන්නේ ඇත්තටම සල්ලි බලාගෙන රැප් කරන අය නෙවෙයි එක ඇත්ත දේවල් සමාජයේ එයාලා දැකපු දේවල් ඒ විදිහටම කියනවා එයාලා Tv වල Radio වල Play කරන Tracks කරන්නේ නෑ .



12. Mainstream එන්න අදහසක් නැද්ද?


විශේෂ අසාවක් නෑ 


13. ඔයාගේ අම්මා කවුද? එයා මොනාද කරන්නේ?


මගේ අම්මා Kumuduni Adikari එයා Teledrama Actress කෙනෙක්.



14. ඔබගේ ළමයිව රැප් කරන්න යොදවනවාද?




බලාපොරොත්තුවක් නෑ එයා කැමති විදියකට ඉස්සරහට යවනවා.




15. ඉස්සරහට එන්න ඉන්න අලුත් අයට මොනාද කියන්න තියන්නේ?




තමාට වඩා කලින් ආපු අයට ගරු කරන්න, හොදට රැප් ගැන ඉගෙන ගන්න හොද දෙයක් කරන්න.



16. Follow කරන Rapper කෙනෙක් ඉන්නවාද?

2pac , Snoop 



17. ලංකවේ ඔයා ආස Rapper කෙනක් ඉන්නවාද?




Fill T , Chinthy 




18. ඉස්සරහට එන්න තියෙන වැඩ මොනාද?




වැඩ ටිකක් තියෙනවා බලාගෙන ඉන්න.




19. ඔයාට මෙතනට එන්න උදව් කරපු අය ඉන්නවා නම් මේ වෙලේ මතක් කරමු.


මගේ Wife, මගේ Duwa, Handcuff Gang එක, Dimi3 , 44 , Fill T , SDK , Dulan J  , Colombo MBZ . 

20. Interview එක ගැන මොකද හිතන්නේ?

ඇත්තටම හොද දෙයක් ලංකවේ හිප්හොප් වලට.


Interview By - Wagmee
Sama (Handcuff) Interview - Wagmeetv Sama (Handcuff) Interview - Wagmeetv Reviewed by Wagmee on July 05, 2018 Rating: 5