Smokio - Interview
Smokio - ඇත්ත නම Kevin.
2.ඉස්කෝලේ?
Smokio - Lumbini College Co.05
3.මොනවාද මේ දවස් වල අලුත් වැඩ?
Smokio - Solo Tracks 2කේ වැඩ කරගෙන යනගමන්. තව කල්ලිය එක්ක ,පදනම එක්ක Featurings එනවා.
4.Smokio රැප් සීන් එකට ආවේ කොහොමද?
Smokio - පොඩි කාලේ ඉදන් රැප් අහන්නේ. සිංහල රැප් පටන් ගත්තේ 2010. 14 කණුවේ බැම්මේ. මලියා එක්ක. පළවෙනි Track එක කලේ ඒ දවස් වල මලියයි පුලියයි එක්ක. Track එකේ නම "සිංහල" ඒක Release කලේ නෑ. ඒ දවස් වල Studio සෙට් වුණේ නැහැ. අතල් එකට රැප් කලේ. ෆෝන් වලින් රැප් Record කරලා ගෙවල් පැත්තේ කොල්ලොන්ට අහන්න දෙන්නේ ඉස්සර.
5.ලංකවේ රැප් කරන අයගෙන් ඔයා කාටද වැඩියෙන්ම කැමති?
Smokio - K Mac. K Mac හින්දා තමයි අද මම මෙතන ඉන්නේ. තව මලියාට, පුලියාට, ප්‍රසාට කැමති.
6.International රැප් Artistලාගෙන් ඔයා කාවද Follow කරන්නේ?
7. 44 කල්ලිය ගැනත් මේ වෙලේ මතක් කරමු.
Smokio - මගේ පවුල. සහෝදරයෝ ඉන්නේ ඔක්කොම. ලගදි දුක් Scene එකක් වුනා කල්ලියෙන් Izzy Break එකක් ගත්තා. අලුත් කතාව කල්ලිය Reunion වුණා. කල්ලියේ දැන් ඉන්නේ K Mac, G.O.A, Murf, Durty Killa, Durty Capa, Spin, Nauzi, Chey Nyn, Yk, Shampy සහ Smokio විතරයි. ලංකාවටම එකයි. ලංකාවම එකයි Shout Out To Izzy #ApiBayaNa
8.Fans ලාගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
Smokio - පට්ට. දැන් රැප් අහන කොල්ලෝ ඉන්නවා සැහෙන්න. ඉස්සර වගේ නෙමෙයි. ගොඩක් කොල්ලෝ කෙල්ලෝ Message දානවා. ඒවා සැහෙන්න වටිනවා Artist කෙනෙක් විදිහට. ආදරෙයි හැම Fan කෙනෙක්ටම.
9.දැන් ඉන්න තැනට එන්න උදව් කරපු අය ඉන්නවාද, ඒ අයව මේ වෙලේ මතක් කරමු.
Smokio - මුලින්ම මලියාව K Mac වයි මතක් කරන්න ඕනේ. කල්ලියේ කොල්ලෝ ටික. බෝඩරේ කොල්ලෝ ටික. මට වචනෙකින් හරි ගැම්මක් දෙන Fansලාව. විශේෂයෙන්ම Iraj අයියා. International Artist කෙනෙක් එක්ක Track එකක් කරන Dream එක ඇත්ත උනේ ඉරාජ් අයියා හින්දා.
10.රැප් කරන එක නවත්තනවාද?
Smokio - නවත්තන්න කිසිම අදහසක් නෑ.
11.රැප් සීන් එකට අලුතෙන් එන අයට මොනවාද කියන්න තියන්නේ?
Smokio - රැප් Scene එකට එන්න ඉන්න කොල්ලන්ට කියන්න තියන්නේ.රැප් වලට ආස උනාට හැමෝටම රැප් කරන්න බෑ. රැප් කියන්නේ අමුතුම දෙයක්. මම අවුරුදු 5ක් විතර රැප් කරනවා එත් අදටත් දෙයක් ඉගෙනගන්නවා. මම කියන්නේ කරන්න දේ හරියට දැනගෙන හරියට ඉගෙනගෙන කරන්න කියලා. අනිත් එක රැප් වලින් කරන්න පුළුවන් දේවල් විතරක්. ඇත්ත විතරක් කිව්වා නම් සැහෙන්න වටිනවා.
12.රැප් අහන අයට මොවාද කියන්න තියන්නේ?
Smokio - රැප් අහන කොල්ලන්ට කියන්න තියන්නේ හැමෝගෙම රැප් අහන්න Artistsලා මරාගත්තාට Fansලා මරාගන්න එපා.
13.SL HIPHOP MUSIC Page එක ගැන මොකද හිතන්නේ?
Smokio - එල වැඩක්.පැහැදිලිව කරගෙන ගියා නම් තව ටික කාලෙකින් ලොකු වටිනාකමක් තියෙයි Page එකට.
Interview By - Wagmee
Smokio - Interview
Reviewed by Wagmee
on
September 26, 2015
Rating:

Smokio ela ela bro number ekak denawanam watinawa
ReplyDelete