Durty Killa - Interview
1.මේ දවස්වල කොහොමද Durty Killaගේ විත්තර?
2. Durty Killaගේ ඇත්ත නම?
Durty Killa - Amila Indika
3.Durty Killa දැන් රැප් කරන්න පටන් අරන් කොච්චර කාලයක් වෙනවද?
Durty Killa - මගේ පළවෙනි සින්දුව දිලිසෙන්නේ, Izzyත් එක්ක එක Release කලේ 2010. එත් පුංචි කලේ ඉදන්ම රැප් කළා. ඒ වගේම රැප් කියනදේ ඇගේම තිබ්බා...
4. පාසල් ගියේ කොහෙද?
Durty Killa - ශ්‍රී සුමංගල මහා විද්‍යාලට (කිරිබත්ගොඩ)
5. සංගීතය හදාරනවද?
Durty Killa - Office එකේ වැඩ නිසා සංගීතය විෂයක් විදියට නම් හදරෙන්නේ නෑ.. එත් Music කියන දේ මට මගේ ඇගේම තියෙන දෙයක්. එක නිසා Rapper කෙනෙක් විදිහට Music කරගෙන යනවා..
6. රැප් කරනවාට යාලුවන්ගෙන් , දෙමාපියන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?
Durty Killa - ගෙදරින් නම් කැමති වුනේ නෑ. එත් යාලුවෝ නම් Full Support එක දුන්නා .. Specially දීලා. අතේ සල්ලි තිබ්බේ නෑ Track එකක් කරන්න. හැම දේටම වියදම් කලේ දීලා.. පළවෙනි Track එකක් කරන්න ලොකු කට්ටක් කෑවා. Izzy, Maca, Goa තමා මට උදව් කලේ. අද කොතනක හරි රැප් Industry එකේ මන් ඉන්නවා නම් ඒ Durty 4 Four Crew එක & දීලා ගේ උදව් නිසා තමයි.!
7. සිංහල රැප් කරන අයගෙන් කැමති අය කවුද?
Durty Killa - Iraj & ILLNOZE ,Chinthy , K mac , Smokio , Izzy , Spin , 44 Kalliya , Fill T , Prasa & Ahasa.
8. ඉස්සර සිංහල රැප් තිබ්බ තැනයි දැන් තියෙන තැනයි දැක්කම සතුටු වෙනවද?
Durty Killa - ගොඩක් සතුටුයි. ඉස්සරම සිංහල රැප් වලට හිටියේ බොහොම පොඩි Crowd එකක්. එත් අද සැහෙන පිරිසක් සිංහල රැප් වලට ආස කරවා. අහනවා. ආදරේ කරවා, ප්‍රවීනයන් ගෙන් කොටසකුත් සිංහල රැප් වලට උදව් කරනවා. ඇත්තටම ගොඩක් සතුටුයි ඒ ගැන.
9. දැන් අලුතෙන් එනවා රැප් කරනය අය ඒ අයට මොනාද කියන්න තියෙන්නේ?
Durty Killa - රැප් කියන්නේ කළාවක්. ඒ කළාවට Rapper කෙනෙක් තමුන්ගේ ජීවිතේ වගේ සලකන්න ඕනි. ඒ කළාව අපි ඉස්සරට ගෙනියන විදියට තමයි වැඩේ කරන්න ඕනි අනික ඒක හැම Rapper කෙනකුගේම වගකීමක්. කරන නිරමාණ සමාජයට හොදක් වෙන දෙයක් වුනොත් රැප් Industry එක තව අවුරුදු 2, 3කින් ලොකු පෙරලියක් කරයි.
10. ඔයා Follow කරන Rapper කෙනෙක් ඉන්නවද?
Durty Killa - මන් රැප් කරන්නේ මගේම Style එකකට, එත් මන් ගොඩක් අසයි Eminem , Drake , Jay Z , ASAP Rocky එයාලගේ Flowes වලට ගොඩක් කැමති
11.ඉස්සරහට කරන්න ඉන්න වැඩ මොනාද?
Durty Killa - රැප් Game කියලා Track එකක් කළා. Izzyත් එක්ක කලේ. එක Music Video එකක් එක්ක Relese කරනවා 12th July. ඒ වගේම තව Tracks 3ක් මේ වෙනකොට කරලා ඉවරයි. එකක් Nauzi , Aki Vish එක්ක. අනිත් දෙකම 44 කල්ලියේ Track, ඒ ටිකත් ලගදීම Release කරනවා
12.SL HIPHOP MUSIC Page ගැන මොකද හිතන්නේ?
Durty Killa - ඇත්තටම එක හොද දෙයක්, මන් දැකල තියෙවා හොද Site කිහිපයක් තියවා, Site එකේ හොදට Promote කරන කරගෙන යනවා කියන්නේ ලංකවේ රැප් Music වලට දෙන ලොකු තල්ලුවක්, එක Rapper කෙනෙක් හැටියට ගොඩක් අගය කරනවා අලුතෙන් එන Rappersලාට විතරක් නෙමේ එක රැප් වල මුල ඉදන් හිටපු අයත් ලොකු හයියක් විදිහයට තමයි මන් දකින්නේ .
I Would Like To Thanks Dasitha & Twizt & SL Hip Hop Page For This Opportunity. I Wish You All The Best..
Durty Killa - Interview
Reviewed by Wagmee
on
July 10, 2015
Rating:

Elw
ReplyDeleteInterview ekanam niyamai. But kauda oya kiyana tharam help karala thiyena dila?
ReplyDelete