Mandira N Maliga - Interview

1.මේ දවස්වල කොහොමද Mandira N Maliga ගේ විස්තර ?
Mandira N Maliga -  හොදින් ඉන්නවා. “Shake That Thing” Video  එක Edit එක ඉවර වෙනකන් ඉන්නේ, තව Azim Ousman  එක්ක Featuring Tracks  දෙකක් කරනවා, G.O.A එක්ක  “Faraway” කියලා Track එකක් කරන්න පටන් ගත්තා Lotus Records හරහා .

2.ඔයගොල්ලෝ රැප් කරන්න පටන් ගත්තේ මොන කාලේද?
Mandira N Maliga - 6 ශ්‍රේණියේ ඉන්නකොට තමයි රැප් අහන්න ගත්තේ. මුලින්ම අහපු  Track එක අපිට අද වගේ මතකයි 50 Cent ගේ ge “In Da Club”. රැප් කරන්න උත්සහ කරේ 9 ශ්‍රේණියේ ඉන්නකොට, 11 ශ්‍රේණියේ වලදී අපිට Young Izzy, Skaty & G.O.A හම්බ වුනා පප්රි කියලා කඩයකදී තිම්බිරිගස්යායේ . එතනදී තමයි මට Izzy සෙට් වෙලා රැප් ලියන්න විදිය ඒවගේම Verse එකක් Bars Count වෙන්නේ කොහොමද කියලා දුන්නේ. එතකොට ඒ ගොල්ලෝ “Ill Noize” එකට  Sign වෙලා හිටියේ නෑ. එදාට පස්සේ තාම මට Izzy හම්බවෙලා නෑ, එයට මාව මතකත් නැතුව ඇති සමහර විට. (හිනා වෙමින්), G.O.A හම්බුනේ Lotus Records හරහා එයට මව ටිකක් විතර මතක තිබ්බා. එත් අපේ පළවෙනි Track එක Release කරේ 2015 2015 March වල  “Yes FM Home Grown” වලින්.

3. සිංහල රැප් කරන අයගෙන් කැමති අය කවුද?
Mandira N Maliga - Smokio & K-Mac ඒවගේම  Izzy ge Catchy Hooks තියෙනවා.

 4. ඔයගොල්ලෝ Follow කරන Rapper කෙනෙක් ඉන්නවද?
Mandira N Maliga - එහෙම නම් නෑ, එත් අපි  Eminem, 50 Cent, Dr. Dre, Snoop Dogg, DJ Khalid & Young Money වගේ Artists ලගේ Tracks ගොඩක් Study කරනවා.

5. ඉස්සරහට තියෙන Plans මොනවද?
Mandira N Maliga - කලින් කිව්වා වගේ Azim Ousman ගේ Featuring Tracks දෙකක් තියෙනවා “Snake That” & “Turn The Lights off”  කියලා එකකුයි තව G.O.A  එක්ක Tracks 2කක් තියෙනවා එත් තාම අපි පටන් ගත්තේ “Faraway” Track  එක විතරයි.

6. දැනට සින්දු කියක් කරලා තියෙනවාද?
Mandira N Maliga - Release වෙලා තියෙන්නේ එක Track එකක් විතරයි. “About to Go” එකේදී මම Specialy ස්තුති කරන්න ඕනේ යකාට මොකද එයා මගෙන් රුපියලක් වත් Production එකට ගත්තේ නෑ. ඒවගේම DKM & Luca Dayz තමයි Track එක Itunes, Amazon & 75+ International Music Stores වලට දාන්න උදව් කරේ එක මේ ලින්ක් එකෙන් Download කරන්න පුළුවන්. https://itunes.apple.com/album/id984734925

7. Vevo සමාගමත් එක්ක එකතු වෙන්න ලැබූන එකට ලාංකිකයෙක් වශයෙන් සතුටුද?
Mandira N Maliga - ගොඩක් සතුටුයි පොඩි කාලෙකින් Vevo Channel  එකක් ගන්න පුළුවන් වෙච්ච එක ගැන. Lotus Records Crew එකට ගොඩක් ස්තුති කරන්න ඕනේ මොකද අපි කිව්ව ගමන් Luca අපිට දවස් 3නකින් වගේ කරලා දුන්නා.

8. සිංහලෙන් රැප් කරන්න අදහසක් නැද්ද?
Mandira N Maliga - තාම නෑ

9. ඔයගොල්ලෝ Mainstream Rapper කෙනෙක්ද? Underground Rapper කෙනෙක්ද?
Mandira N Maliga - අපි දෙනාට එහෙම Range එකක් නෑ Commercial Rapping, Underground Rapping, Money Making Rapping  වගේ ඕනෑම Subject  එකකට රැප් කරන්න කැමති. මොකද අපි එක තැනකට කොටු වුනොත් අපිට එච්චරම ලොකු Fan base එකක් හදාගන්න බෑ. අපිටත් තාම ලොකුවට Fan Base එකක් නෑ. එත් අපි Boundaries අයින් කරොත් අපිට ගොඩක් මිනිස්සු අතරට යන්න පුළුවන්.

10.Lotus Records Crew  ගැනත් වචන ටිකක් කියමු.


Mandira N Maliga - Lotus Records තමයි අපේ  Social Media, Vevo Channel එකයි අපේ Tracks Internationally Market කරන Record Label එක පටන් අරගෙන මාස 4ක් වගේ වෙන්නේ එත් "It's The Best Place To Work With" අපේ Video & Audio Productions ඔක්කොම කරන්නේ එහෙන් "South Asia's Favorite Independent Record Label"  කිව්වොත් හරි.

11. SL HIPHOP MUSIC Page ගැන මොකද හිතන්නේ?
Mandira N Maliga - ඇත්තටම කිව්වොත් ගොඩක් හොදයි. අපි වගේ අලුතෙන් එන Artistsලාට sup එකක් දෙන එකට Thanks A Lot.


Mandira N Maliga - Interview Mandira N Maliga - Interview Reviewed by Wagmee on August 09, 2015 Rating: 5

No comments