Spin Spittah Interview - Wagmeetv


1. Spin මොකද වෙන්නේ මේ දවස් වල ?

විශේශයක් කියල නෑ බං හැමදාම වගේ මගේ වැඩක් කරගෙන පාඩුවෙ ඉන්නවා.


2 . ජපන් වල මොකද කරන්නේ ඔයා ? 

මගේ ඉගෙනීමේ කටයුති ඉවර කරලා දැන් ව්‍යාපාර සම්බන්දයෙන් මොනවා හරි කරන්න තමයි හිතන් ඉන්නේ.

3. රැප් පටන් ගත්තේ මොන කලේද ?


English Rap ඇහුවා පොඩි කලේ ඉදලා. ඒ දවස්වල GPRS වලින් සින්දු වල Lyrics එහෙම පොත් වල  ලියාගෙන පාඩම් කරේ. 2013 වගේ ඉදලා තමයි සිංහල රැප් කරන්න පටන් ගත්තේ. Kaizerගේ රැප් හීන අහලා එතකන් මන් දන්නේ නෑ සිංහල රැප් කියලා වෙනම සීන් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ තමයි සිංහලෙන් රැප් කරන්න ආසාවක් අවේ.

4. රැප් නවත්තලාද ඉන්නේ?


ජීවිතේ ප්‍රධාන දෙයක් විදියට රැප් කරන එක නවත්තල තියෙනෙ.හිතුනොත් කරනවා.

5. ලංකවේ රැප් කරන අයගෙන් ඔබ කාටද කැමති? 


Rappersලා ගොඩක් ඉන්නවා එක්කෙනක් කියන්න අමාරුයි. K Macට ආසි ගොඩක්. අනිත් කෙනා Izzy. Izzy දැන් එහෙම රැප් කරන්නේ නෑ එත් කරපු රැප් වලට ඒ Flow වලට ගොඩක් කැමති ඒ කලේ ඉදලා. තව හොද Rappersලා ඉන්නවා දැන් D Dam , T Tag  වගේ අයගේ රැප් වල Quality එකක් දකිනවා.

6. ඔබ දකින විදිහට දැන් ලංකවේ රැප් වල තත්වේ ගැන ඔබ සතුටු වෙනවද?


මේක ගැනනම් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. කෙටියෙන්ම කියමු. " ඕන " අය කට වහන්, " එපා  " අය  කට අරන් ඉන්න කාලයක් ඇවිල්ල තියෙන්නේ මට පේන විදියටනම් රැප් කළාවට. හැමෝම නෙවෙයි . රැප් වලට දෙයක් කරගෙන හොද ගමනක් යන පරණ අලුත් අය ගොඩක් ඉන්නවා. එත් රැප් වලින් සුස්ති බෝඩරේ වචන සෙට් එක නැවත්තුවන්ම් හරි. මොකද හැම දේම ඕනවට වැඩිය ඕනේම නෑ ඒකයි. හැමෝගෙන්ම ඉල්ලනෙත් තාමන් ප්‍රසිද්ද වෙනවා වගේම රැප් වලටත් දෙයක් කරන්න කියලා. අපි නෙවෙයි රැප් කලාවේ Legends ලා Iraj , Kaizer  , Fill T , K Mac ,Izzy , Chinthy  වගේ අය අමාරුවෙන් ගොඩ නගපු දේ විනාස කරන්නෙපා. එකට වටිනාකමක් තියෙන්න. දෙයක් පටන්ගන්න අමාරුයි. විනාස කරන්න ලේසි තප්පරයක්වත් යන්නේ නෑ.


7 .ඔබගේ Facebook ගිණුමේ සදහන් කරලා තිබ්බ ඔබ බුද්ධාගම ඉදලා මුස්ලිම් වලට මාරු වුණා කියලා මොකක්ද මේකේ ඇත්ත? 



ඇත්තටම මන් ඉස්ලාම් ආගම අදහන්නේ දැන්. යම් කිසි දේවල් ගැන කලකිරීමක් ඇති වෙලා තමයි එක කරේ. මන් වෙනදාට වඩා හිත සතුටින් ඉන්නවා. එක නිසා මම ගත්ත තීරණේ ගැන මට සතුටු. 








8. ඔබත් එක්ක ඉස්සර ඉදන් හිටපු අය තාමත් ඔබත් එක්ක ඉන්නවාද?

Spin කිව්වාම ගොඩක් අය දන්නේ නැහැ. මොකද මම වැඩිය සින්දු කරලා නෑ ඒවා මේවා නිසා. එත් මට ආදරේ කරන සුළු පිරිසක් ඉන්නවා  තවම " කවදද සින්දුවක් දන්නේ අපි බලන් ඉන්නවා කියන " . ආදරේයි ඒ හැමෝටම . මන් පොඩි රැප් Clips කැලි දෙක තුන දාලා තියෙනවා ඒවටත් හොද ප්‍රතිචාර ඇවිලා තියෙනවා. ස්තුති මම එක්ක ඉන්න හැමෝටම. ඇත්ත ජීවිතෙන්ම දැන් ගොඩක් අය මාව දාලා ගිහින් තියෙනවා මොකද මම ආගම වෙනස් කරා කියලා. එයාලාට කියන්න තියන්නේ මන් බෞද්දයෙක් නිසා මට ආදරය කරන අය නැති වුනාට කමක් නෑ. මගේ ගතිගුනට මනුස්සකමට ආදරේ කරන අය හිටියම ඇති. එච්චරයි .


9. ඉස්සරහට තියෙන Plans මොනවද?


මායි Izzyයි ඉස්සර Plan කරපු සින්දුවක් තියෙනවා " Lankan Queen " කියලා . ආයේ අපි දෙන්නා එක කරන්න පටන් අරන් තියෙනවා. මේ දවස් වල එක ලියන ගමන් ඉන්නේ. Life එකේ Plans නම් ගොඩක් තියෙනවා. Inshallah ඒ දේවල් හිතන්න විදියටම වෙයි කියලා හිතනවා. 


10. ඔබ ඉන්න ඔය තැනට එන්න උදව් කරපු අය ඉන්නවා නම් මේ වෙලේ ඒ අයව මතක් කරමු.


උදව් කරපු අය ඉන්නවා ගොඩක්. ඉස්සෙල්ලාම කියන්න ඕන kaizer රැප් හීන කියලා සින්දුවක් දැම්මේ නැත්තම් මම rapper කෙනක් නොවෙන්න තිබ්බා. මන් ඒ සින්දුවෙන් තමයි සිංහල රැප් කියලා වෙනම සීන් එකක් තියෙනවා කියලා දැනගත්තේ. ඊළගට Nauzi . Nauzi මට රැප් සීන් එකේ විතරක් නෙවෙයි හැම දේකදිම මත් එක්ක ඉදලා තියෙනවා Nauziව මතක් කරන්න ඕන මගේ රැප් සීන් එක ගැන කතා කරොත් අනිවරෙන්. ඇත්ත ජීවිතෙත් Mr D මතක් කරන්න ඕන එයා තමයි මට රැප් සීන් එකේ හම්බුන පළවෙනි Partner. ඊළගට Izzy මගේ පොඩි වෙනසක් දැක්කොත් මොකෝ සීන් එක කියලා අහලා හැම දේකදිම උදව් කරපු මගේම අයියා වගේ කෙනෙක්. ඇත්තටම කිව්වොත් මම පට්ට කම්මැලියා. මට බැනලා බැනලා හරි රැප් කරවන්නේ izzy තමයි. 44 කල්ලියත් මතක් කරන්න ඕනි අනිවාරෙන්ම. ඉරාජ් අයියත් මට ගොඩක් උදව් කරලා තියෙනවා. ඉස්සෙල්ලාම හරියට සින්දුවක්  කරලා දුන්නේ එයා. " ඉල්ලුම නාදය " සින්දුව. මගේ දකුණේ යාලුවෝ සෙට් එක මතක් කරන්න ඕන නම් කියන්න විදියක් නෑ ගොඩක් ඉන්නවා. මට වචනෙකින් පවා උදව් කරපු හැමෝටම ස්තුති කරනවා මම. මේ ප්‍රශ්නෙටනම් උත්තර දීලා ඉවර කරන්න බෑ යාලු. නම් නොකියවුන හැමෝටම සමාවෙන්න. නම නොකිව්වට එයාලා ඔක්කොම එක්ක මම ඉන්නවා. 

11 . interview එක ගැන මොකද හිතන්නේ

Wagmee ගැන දන්නේ මම දැනට අවුරුදු ගානකට කලින් ඉදෙලා. Rapper කෙනක් විදියට නෙවෙයි මම දකින්නේ. රැප් වලට සේවයක් කරන කෙනක් විදියට. ඒ කලේ ඉදේලාම මම එක අගය කරා. තව ඉස්සරහට මේ වගේ රැප් සීන් එකට දෙයක් කරන්න. හැමදාම කියනවා වගේ රැප් වගේම අනිත් Deal ලුත් කරගන්න. Good Luck ..!!!


Follow @wagmee








Spin Spittah Interview - Wagmeetv Spin Spittah Interview - Wagmeetv Reviewed by Wagmee on June 16, 2018 Rating: 5