Big Harsha - Interview

1.Big Harsha කියන්නේ මොනවගේ චරිතයක්ද?

Big Harshaබිග් හර්ෂ කියන්නේ හරි ලොකු චරිතයක්. Size එකෙන් විතරක් නෙවෙයි,හිතෙනුත්. මම ඇත්තටම Entertainer කෙනෙක්.... 

2.රැපට ඇවිත් කොච්චර කල්ද?

Big Harshaරැපට විතරක්ම කියන්න බෑ. මම Angelo Mathews වගේ All rounder කෙනෙක්.. Rap කරනවා, Sing කරනවා, රගපාන්නත් පුලුවන් එහෙන් මෙහෙන්. ඉස්සෙල්ලා කිව්වා වගේ මම Entertainer කෙනෙක්. So, Music Industry එකට ආවේ මම 2013.. හැබැයි, 2006 ඉදන් මම සින්දු කියනවා මගේ School එකේ Gang එකක් එක්ක සෙට් වෙලා.... 

 3.රැප් සංගීතය ගැන මොනවගේ හැගීමක්ද තියෙන්නේ? 

Big Harsha - රැප් තමයි ඉස්සරහට මුල් තැන ගන්නේ ලංකාවෙත්.. ඕනෑම International Artists කෙනෙක්ව නම් කරන්න කිව්වොත්,Hip Hop කරන Rock Bands තමයි ගොඩක්ම ඉන්නේ World Famous... ලංකාවෙත් ඉස්සරහට Hip Hop අංක 1 වෙනවා වෙනවමයි.... ඒක ස්ථීර වුනේ ගිය ජුනි 13 තිබ්බ, Sama-J Concert එකෙන්... ඇත්ත වශයෙන්ම, Izzy ප්‍රමුඛ 44 කල්ලියට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා ඒ වගෙ වැඩක් කරාට..... 

4.ලගින් ඉදන් අත දුන්න අයත් ඇතිනේ? 

Big Harsha - මුලින්ම කිව්වොත්, මගෙ සිය පවුලම උදව් කරා..නැති වුනු ආච්චි,ජීවතුන් අතර ඉද්දි එයා තමයි මගෙ හැමදේම..දෙවනුව මගෙ Music පවුල , පලමුව මගේ ලෝකේ ‍ “God” සහ Hip Hop ලෝකේ “King” IRAJ අයියා.. පටන් ගැන්මෙ ඉදන්ම මගෙ පිටි පස්සෙන් හිටියා අදටත් ඉන්නවා.. Neo , Kaizer දෙන්නා එදා ඉදන් ඉන්නවා.. මම Openly කිව්වොත්, මං වගේම හිතන පතන විදියෙ කෙනෙක්ට මේ Industry එකේ දැක්ක එකම මනුස්සයා Neo… තව Fill T සහෝ. එක කුස ඉපදුනේ නැතත්,මගේම සහෝදරයෙක් මට.. හරි වැරැද්ද පෙන්නල දීලා බොක්කෙන්ම ඉන්න පොරක්.. තව කිව්වොත්, K-Mac, Izzy, 44 Kalliya, Born Killer, Killer B, Ahasa, Lil Shank, Priyanga Ranasingha, Indika Wickramarathne සහ Chamil Pathirana…තෙවනුව මගෙ ලොකුම පවුල සහ ලොකුම ස්තූතිය පුද කරන්නේ මගේ Fansලට.... එයාල නිසයි Big Harsha ඉන්නේ.. මැරනකම්ම ආදරෙයි මේ හැමෝටම.. අන්තිම වශයෙන් කියන්න ඕනේ, හැමෝටම යාලුවෝ ඉන්නවා, හැබැයි වාසියට,අවාසියට නැතුව බොක්කෙන්ම යාලු කමට ඉන්න අය අඩුයි.. මට ඉන්නේ 6දෙනයි, 1.Suhara 2.Ranishka 3.Madhuwa 4.Puliya (Rasthiyadu padanama) 5.Dilshan de Silva (thanakola) 6.Inuw (Coco) ... මුන් ටික තමයි මට අදටත් රත්තරන් වලට වඩා වටින වුන්ට ඉන්නේ..... 

5.IRAJ Weerarathna ගැන මොකද හිතන්නේ? 

Big Harsha - නිහතමනී, සමහර වෙලාවට පොඩි ළමයෙක් වගේ..හිතේ කිසිම කහටක් නැති, ඕනම කෙනෙක්ට උදව් කරන්න පෙල‍ඹෙන, ලෝබකම නැති අපි වගේ කොල්ලෙක්..... 

6.කාවද Follow කරන්නේ? 

Big Harsha - Tupac, Eminem, Busta Rhyme, Ice Cube, Whiz Kalifa, Big Punisher, Rick Ross වගේ රැප් Legendsලව Follow කරනවා,,, තව මේ දවස් වල Trend එකේ, Anuwa Tyga, Kid Ink වගේ අයවත් අහනවා..... 

7.කණ්ඩායම් රැප් සංගීතයේ Big Harsha කැමතිම Team එක මොකක්ද?

Big Harsha - එකක් කියලා නැහැ..අපි ඔක්කොම එක පවුලක්.44 කල්ලිය ඉන්නවා, රස්තියාදු පදනම, අහස, කුංචනාද රතු ලයිස්තුව, Hand Cuff.... තව ගොඩක් Teams ඉන්නවා. නම් වශයෙන් කියන්න බැරි වුනා නම් සමාවෙන්න ඕනේ..තව ලෙකු Team එකක් ඉස්සරහට එන්න ඉන්නවා.. LWA කියලා .. ඒකේ වැඩ ටිකත් මම Shape එකේ මේ දවස් වල කරගෙන යනවා..ලගදිම ඒක ගැනත් ලොකුවට අහන්න ලැබෙයි... LWA කොල්ලො ටිකට මගේ ආචාරය!!!!! 

8.ඉදිරියට මොනවගෙ Plansද ඔලුවෙ තියෙන්නේ? 

Big Harsha - ලොකුම එක තමයි, මගෙ Album එක. තව, මම හිතන විදියට කොල්ලෝ,කෙල්ලෝ අතරෙ ගොඩක්ම ජනප්‍රය වුනේ තඩිච්චියේ සින්දුව නිසා ඒකට Video එකක් කරනවද,නැද්ද කියලා හිතනවා..ඒකෙ තීරණය Fansලා සතුයි...තව සින්දු ගොඩක් එන්න තියෙනවා.. ලගදීම, Fill T, Kaizer සහ Izzy එක්ක කරපු Track එක Release කරන්න හිතන් ඉන්නවා..ඒ වගේම,කවුරැවත් හිතන්නේ නැති පැත්තක් ගැන මමයි,Neoයි එකතු වෙලා සින්දුවක් කලා..ඒක කොල්ලන්ට,කෙල්ලන්ට විතරක් නෙවෙයි, වයස ප්‍රශ්නයක් නැතිව හැමෝටමයි අපි ඒ සින්දුව දෙන්නේ..Guyz, Ready වෙලා ඉන්න.ලොකු වැඩ ටිකක් එනවා ලග ලගම.... 

9.අලුතෙන් එන රැපර්ස්ලට මොනාද කියන්න තියෙන්නේ? 

Big Harsha - Hip Hop තමයි Future එක.. මම ඉස්සර Stage පල්ලෙහට වෙලා, TV එකේ ඔයාලා වගේ ඉරාජ් අයියා Performe කරනවා බලන් හිටියා.. හීන මැව්වා කවදා හරි Music කරනවමයි කියලා.. අද මම ඉරාජ් අයියා එක්කම වැඩ කරනවා.. එයාට පින් සිද්ද වෙන්න මම බිග් හර්ෂ විදියට ඔයාලා අතරට ආවා.. කවදා හරි දවසක මම මේ කියන වචන ටික, තවත් කෙනෙක්ගෙන් මම කෙනෙක්ට උදව් කරාම අහන තැනට මම වැඩ කරනවා.. ඉරාජ් අයියගෙ අඩි පාරෙ මමත් යනවා.. මල් නැතිව ඕනෙම Style එකකට මම Support කරනවා.. බය නැතිව රැප් කරන්න.. අඩන සින්දු වගේ නෙවෙයි, දාලා යන්න එපා කියන සින්දු වලට වඩා කොච්චර වෙනස් Story අපි විතරක් ගහලා තියෙනවාද? අනිත් Team ගහලා තියෙනවාද? Selfi Rap වලින් කොච්චර දක්ෂතා එළියට ආවාද? බනින අය ඉදී,, ඔයාගෙ දක්ෂතාවය ඒකනම්, ඒකට විතරක් හිත යොමු කරන්න.. කාටවත්ම ඔයාව හොල්ලන්න බැරි වෙයි.. Experince එක්කයි මම කියන්නේ..... 

 10.SL HIP HOP MUSIC පේජය ගැනත් අදහසක් දෙමු..... 
 
Big Harsha - TV Interviews ගොඩකට ගිහින් කියා ගන්න බැරි වුනු දේවල් ගොඩක් මම මේකට කිව්වා.. ඇත්තටම Tip Top Concept එකක්.. දිගටම කරන්න මම සුබ පතනවා.. අනික Please මචංලා , ආයේ ලගදීම තවත් ප්‍රශ්න 10ක් අරන් එන්න. මම Tip Top උත්තර ටිකක් දෙන්නම්..(සිනා සෙමින්).. Hip Hop වලට ඔයාලා මේ දෙන Sup එකට BIG HARSHAගෙ ආචාරය SL HIP HOP MUSIC පේජයට......
Big Harsha - Interview Big Harsha - Interview Reviewed by Wagmee on June 25, 2015 Rating: 5

No comments