Lil Shank Interview



1. SL HipHop Music:- Lil Shank නම හැදුනේ කොහොමද?
Lil Shank:- Stage name එක දැම්මේ Neo,මදුසංක තමයි ලීල් ශෑන්ක් උනේ,එහෙත් දැන් එක එක අය එක එක ඒවා කියනවා කට්ටියක් ශෑන්ක් කියනවා තවත් කට්ටියක් මැණික කියනවා අනිත් අය ලීල් කියනවා  හී හී...

2.SL HipHop Music:- රැප් කරන්න පටන් අරන් කොච්චර කල්ද? 
Lil Shank:- 1st Track එක කරේ 2013

3.SL HipHop Music:- රැප් සීන් ඒකට ඒන්න අතහිත දුන්නේ කවුද?
Lil Shank:- ගොඩක්ම උදව් කරේ Neo,ND සහ Kiazer හැම වෙලාවේම පිටිපස්සෙන් හිටියා

4.SL HipHop Music:- ඔයා රැප් දකින්නේ කොහොමද?  
Lil Shank:- මගේ මතය තමයි සමාජේ වෙන දෙයක්,අපේ ඇත්ත ජීවිතය,අපිට වෙන අසාධාරණ කම්,සමාජයට දෙන්න පුළුවන් හොඳ අදහස් හැම දෙයක්ම තත්පර ගානකින්  සමජේට ප්‍රේකාෂ කරන්න පුළුවන් මාධ්‍යක් 

5.SL HipHop Music:- කොහොමද ඔයාට ලැබෙන ප්‍රතිචාර? 
Lil Shank:- ප්‍රතිචාර නම් හොදයි හැමෝම ගොඩක් හොඳ ප්‍රතිචාර දෙනවා

6.SL HipHop Music:- ඔයා රැප්  කරන එකට ගෙදරෙන් කැමතිද? ඒ අයගේ ප්‍රතිචර කොහොමද? 
Lil Shank:- මුල් දවස් වල නම් එච්චර කැමැත්තක් තිබ්බේ නැහැ ඉගෙනීම් කටයුතු අතපසු වයි කියලා එහෙත් දැන් නම් Full Sup

7.SL HipHop Music:- ලංකවේ රැප් කරන අයගෙන් ඔයා කැමති අය කවුද?
Lil Shank:- නම් වශයෙන් කියන්න බෑ හැමෝටම වගේ කැමතියි

8.SL HipHop Music:- ඔයා Follow කරන Rapper කෙනෙක් ඉන්නවද?
Lil Shank:- ලංකාවේ කාවත් Follow කරන්නේ නැහැ ,Jason Derulo,Tyga,Kid Ink සහ Chris Brown එයාලගේ Songs ගොඩක් අහනවා

9.SL HipHop Music:- රැප් කරන එක ඔයා නවත්තනවාද?දිගටම කරනද?
Lil Shank:- මට තවම මරණ තර්ජන නැහැ ඒ ආවත් මං රැප් කරන එක නවත්තන්නේ නැහැ

10.SL HipHop Music:- ඉස්සරහට කරන්න ඉන්න වැඩ මොනවද?
Lil Shank:- අලුත් Tracks 4ක් විතර එන්න තියනවා ල‍ගදීම Neoගෙයි Big Harshaගෙයි මගෙයි Song එකක් එනවා

11.SL HipHop Music:- රැප් කරන්න අලුතෙන් ගොඩක් අය එනවා ඒ අයට මොනාද කියන්නේ තියන්නේ?
Lil Shank:- දැන් ගොඩක් අය රැප් Scene එකට බැහැලා ඉන්නවා,අලුතෙන් එන අයට මං කියන්නේ හැම වෙලාවේම වෙනසක් කරන්න කියල,තනියම තමන්ගේ රැප් එක ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා ගොඩක් වැදගත් දෙයක් තියනවා seniors ලට  ගරු කරන්න ඕනෙ

12.SL HipHop Music:- ෆැන්ස්ලට මොනවද කියන්න තියෙන්නේ??
Lil Shank:- ලංකාවේ විතරක් නෙවෙයි පිටරටත් මගේ ෆෑන්ස්ලා ඉන්නවා එයලට ගොඩාක් ආදරෙයි,ඇත්තම කිව්වොත් එයාලා මගේ යාලුවෝ

SL HipHop Music Page එක ගැන මොනවද කියන්න තියන්නේ?
Lil Shank:- ගොඩක් හොඳයි Rapersලව ගොඩක් දිරි ගන්වනවා,මම පෞද්ගලිකව ස්තුතිවන්ත වෙනවා.ජය!!
Lil Shank Interview Lil Shank Interview Reviewed by Migzzy on June 28, 2015 Rating: 5

No comments