K Mac Interview [ 2017 ]

K Mac Interview [ 2017 ] 

1. K Mac  මොකද වෙන්නේ මේ දවස් වල ?

ඉන්නවා හොදින්. අවුලක් නෑ.

2. K Mac කියන නම හැදුනේ කොහොමද?

මුලින්ම මේ මගේ රැප් නම Mac Easy කියල තිබ්බේ. ඒ නම මට දැම්මේ Ruwin (BNA) පස්සේ ඒ නම මම මාරු කර K Mac කියලා. එකේ එහෙම තේරුමක් නැහැ පොඩි කලේ මගේ ආසම Rapper කෙනෙක් Mack 10 කියන්නේ. එයාගේ නමෙන් තමයි අදහස ගත්තේ.

3. K Mac ගිය ඉස්කෝලේ මොකක්ද?

Maharagama President / Mahanama .

4 . රැප් කරන්න පටන් අරන් දැන් කොච්චර කාලයක් වෙනවද?

2006 තමයි රැප් කරන්න පටන් ගත්තේ.

5.  ඔයා රැප් කරන්න හිතුවේ ඇයි?

පොඩි කලේ ඉදන් මම රැප් අහනවා. රැප් අහන Follow  කරන යාලුවෝ ගොඩක් හිටියා. ආස හිතුන රැප් කරලා බලන්න.

6.  International රැප් Artistලාගෙන් ඔයා කාවද Follow කරන්නේ?

මම ගොඩක්ම Follow කරන්නේ Nas , Mobb Deep , Wu Tang.

7.  44 කල්ලියේ දැන් තත්ත්වේ මොකද?

44 කල්ලියේ අලුත් වැඩ ගොඩක් එනවා මේ දවස් වල. කල්ලිය පොඩ්ඩක් නැවතිලා තිබ්බේ. Smokioත් අයින් වුණා ඒ දේවලුත් එක්ක. අපි පොඩි Break එකක් ගත්ත. දැන් අපි ආයෙත් වැඩ කරනවා. Black Dog Bone x Goa x Izzy x YK x Chey Nyn x Nauzi x Spin x Durty Killa x Capa x Murf x Shampy අපි ඔක්කොම එකට ඉන්නේ. මොන ප්‍රශ්නේ ආවත් කල්ලිය නවතින්නේ නෑ. රැප් සෙල්ලමට අපි අලුත් අය බස්සනවා ඉස්සරහට.

8. Fans ලාගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ෆෑන්ස්ලා හින්ද තමයි අපි අද මෙතන ඉන්නේ අලුත් සින්දු කරන්නේ. හුගාක් හොද ප්‍රතිචාර තියෙනවා. ආදරෙයි කල්ලියට උදව් කරන ඔක්කොටම. ෆෑන්ස්ල නෙවෙයි ඔයාලා ඔක්කොම අපේ යාලුවෝ.


9. රැප් කරන එක නවත්තනවාද?

ඔව් තව හුගක් කල් රැප් කරන්න බලාපොරොත්තුවක් නැහැ. අදහස් කරලා තිබ්බ ගොඩක් සින්දු තියෙනවා. ඒ ටික කරලා තමයි නවත්තන්නේ.

10. 44 කල්ලියට ඒක ඒක චෝදනා ආව ඒ ගැන ඔබට කියන්න තියන්නේ මොනවද?

අපි පොඩි හරි දෙයක් සිංහල රැප් වලට කරලා තියෙනවා. මට ඒ ගැන සතුටුයි. ලංකාව කියන්නේ කුහක ඉරිසියාව පිරුණු රටක්. අපි ට මිනිස්සුන් ගේ කට වල් වහන්න බැහැ. ඕව ඔලුවට ගත්තොත් අපිට වැඩක් කරන්නත් බැහැ.

11. ඔයා දැන් මේ ඉන්න තැනට එන්න උදව් කරපු අය ඉන්නවාද, ඒ අයව මේ වෙලේ මතක් කරමු.

Iraj x Goa x Pasan Liyanage x 44 කල්ලිය x Chinthy x Fill t  ඒ වගේම black dog bone (44 Maneger) අපිට ගොඩක් උදව් කරනවා. ඒ ඇරුනම මම හුගක් රැප් සින්දු අහන්න පටන් ගත්තේ BnA සෙට් එකන් එයාලා වත් මතක් කරන්න ඕනි Ruwin x Gihan x Ninja x Black Jack . ඒ වගේම අපේ සින්දු අහන යාලුවෝ ඔක්කොටම ආදරෙයි. ඔයාලා හින්දි අපි ඉන්නේ. Respect

12. ඉස්සරහට එන්න තියෙන වැඩ මොනවද?

4 x 11 music Video එක එනවා. කෝ ආදරේ කියල තව සින්දුවක් එනවා. කල්ලියේ ඔකොගේම Solo එනවා. වැඩ ගොඩක් එනවා ඉස්සරහට.

13. අලුතෙන් රැප් කරන්න එන්න හිතන් ඉන්න අයට මොනවද කියන්න තියන්නේ?

කියන්න තියෙන්නේ . රැප් හින්දා නාස්ති වෙන්න එපා. Drugs ගහන්න එපා. රැප් කියන දේ හරියට ඉගෙන ගෙන කරන්න.


14. අපේ මේ interview එක ගැන මොකද හිතෙන්නේ?

එකේ එකේ සුපිරි.

Interview By Wagmee
K Mac Interview [ 2017 ] K Mac Interview [ 2017 ] Reviewed by Wagmee on May 24, 2018 Rating: 5

No comments