Samith Gomes - Interview

1.Samith Gomes මොනවාද මේ දවස් වල විස්තර?

මේ දවස්වල සුපුරුදු විදියට ඉන්නවා. රැකියාවේ වැඩකටයුතුත් එක්ක, 
සාමාන්‍ය විදියට ඉන්නවා.

2.ඉස්කෝලේ?

කොළඹ ඉසිපතන විද්‍යාලය 

3.රැප් කළාව තොර ගන්න හේතුව මොකක්ද?

පොඩි කාලේ ඉදන් මං ආස කරපු Music Style එක තමයි මේක. පොඩිම කාලේ Pop Music වලට ආසවක් තිබ්බා, ටිකක් ලොකු වෙනකොට දන්නේම නැතුව Hip Hop පැත්තට ආවා . ඒ තිබ්බ ආසාව ගිහින් තිබ්බා. මගේ Rap Music වලට තිබුන ආසාවම නිසා ඒ පැත්තෙන්ම සිංදු කරන්න පෙලඹෙන්න ඇති. 

4. ඔයා ඇයි රැප් Name එක විදිහට උපන් නමම තෝරාගත්තේ?

ඇත්තටම මට හිතෙන්නේ අපි ලංකාවේ නිසා සහ අපි සිංහල Rap කරන නිසා English Stage Names ගැලපෙන්නේ නෑ කියලා, සිංහලෙන්ම Stage name එකක් දාගන්න පුලුවන් නම් ඒක ඊට වඩා ගැලපෙනවා කියලයි මගේ පෞද්ගලික අදහස. උදාහරණයක් විදියට අමරදේව කියන නම එතුමගේ ඇත්ත නම නෙමෙයි, ඒකත් Stage Name එකක්. ඒ නම එතුමට ලොකු පන්නරයක් උනා කියලයි මං හිතන්නේ. ඒ කියන්නේ නම කියන එක ගොඩක් වටිනවා. English Stage Name එකක් භාවිතා කිරීම වරදක් විදියට දකින්නේ නෑ, තමන් යොදාගත්ත නමට වටිනාකමක් එකතු කරන එක තමන් ගේ අතේ තියෙන්නේ.

5.International රැප් Artistලාගෙන් ඔයා කාවද Follow කරන්නේ?

මං ගොඩක්ම කැමති The Notorious BIG ට සහ Tuapc Shakur ට. ඒ දෙන්නගේ එවා තමයි ගොඩක් වෙලාවට මං අහන්නේ. ඒ දෙන්නගෙනුත් The Notorious BIG ගේ සිංදු වල එයා යොදාගන්න Rhymes වලට මං ගොඩක් ආසයි.
ඒ නිසා මං හිතන්නේ මං ගොඩක් වේලාවට Rap ලියන කොට ඒ ආභාශය එනවා ඇති.
අලුත් පරපුරේ අයගෙන් Kendrick Lamar, Hopsin, වගේ අයගේ ගීතත් මං අහනවා.

6. රැප් වලට අමතරව ඔයා රස්සාවක් කරනවද? ඒ මොකක්ද?

ඔව්, මං පෞද්ගලික ආයතනයක IT අංශයේ රැකියාවක් කරනවා.

7 .Samith Gomesට drillteam එක්ක තියෙන සම්බන්දේ මොකක්ද?


ඉතාමත් හොඳ කිට්ටු සම්බන්දයක් තියනවා. Drill Team ඒකේ Members ලාව මට අදුරගන්න ලැබුනේ මගේ මිත්‍රයාගේ මර්ගයෙන් Ravi Jay. අපි කට්ට්යටම එක වගේ අදහස් හා ආකල්ප තියන නිසා කෙටි කාලයක් ඇතුලත ගොඩක් සමීපව වැඩ කරන්න ලැබුනා.


8 . ඔයා කැමති Solo විදිහට යනන්ද Team විදිහට යන්නද? 

Solo Track එකක් කරත් අපි කරන්නේ කටියම එකතු වෙලා, ඒ කියන්නේ Solo Track එකක් උනත් Team Work එකක්. 
මං ඇත්තටම කැමති අවුරුද්දකට එක Solo Track එකක් හරි දාන්න. මං හිතන්නේ Solo Track එකකින් කෙනෙක් ගේ නියම හැකියාව සහ නියම ප්‍රේක්ෂක ප්‍රතිචාරය දැනගන්න පුලුවන් කියලා. ඒක ඕනම ගායකයෙක්ට වැදගත් තොරතුරක්.
ඒ එක්කම මීට මාස කීපයකට කලින් Drill Team එකේ බයිසිකලය Track එකට මම ගොඩක් ආසාවෙන් මගේ සභාගීත්වය ලබා දුන්නා. 

9 .ලංකවේ දැන් තියෙන රැප් තත්වය ගැන මොකද හිතන්නේ?

මෙහෙමයි, මං පෞද්ගලිකව කැමති නෑ, පාතාලේ ගැන සහ සැපේ ඉන්න මල්ලිලා ගැන කියවෙන Rap අහන්න.මේ දවස්වල ගොඩක් ඒ වගේ ඒවා ඇහිලා තියනවා.
ඒ වගේ Trend එකක් ලංකාවේ Rap Music වලට එනවට මං කැමති නෑ. මං ඕන තරම් දැකලා තියනවා මිනිස්සු ඒ වගේ සිංදු බලලා හිනාවෙනවා. මුන්ට පිස්සුද කියලා අහනවා, එහෙම උනාම හරිම අමරුයි Rap අහන්නේ නැති මනුස්සයෙක්ව Rap Music වලට ආදරය කරන මට්ටමට ගන්න. වෙන කෙනෙක්ට වෙන මතයක් තියෙන්න පුලුවන්, මේක තමයි මගේ මතය. 
සිංහල භාෂාව කියන්නේ ලස්සන වචන තියන භාෂාවක්. එකෙන් ප්‍රයෝජන ගන්න කියලා තමයි ඒ අයට කියන්න තියෙන්නේ.

10. ලංකවේ කාලයකදී ගියා Diss Rap රැල්ලක් ඔයා ලංකවේ තියෙන diss rap ගැන මොකක්ද තියෙන අදහස?

Diss කියන්නේ Rap Music වල ආරම්භයේ සිටම තිබ්බ කලාවක්.
කාට හරි වෙනත් කෙනෙක්ව Rap එකකින් Diss කරන්න අවශ්‍ය නම් එහෙම කරාට වරදක් නෑ. 
ඒ Diss එකේ තියන Art එක ඒ විදියටම රැකගෙන කරන්න පුලුවන් නම් හොදයි, Diss කියලා කුනුහර්ප කියන් කෑගහන්නේ නැතුව.


11. රැප් නවත්තන්න අදහසක් තියෙනවද?


කවදා හරි ඉතින් නවත්තන්න වෙයි, පුලුවන් කාලයක් ටික ටික හරි කරන් යන්න තමයි බලාපොරොත්තුව.


12.ඉස්සරහට එන්න තියන වැඩ මොනවාද?

 අලුතෙන්ම එන්න තියෙන්නෙ මම Yuki එක්ක කරන Track එක තමයි. දැනට එකේ Recordings කරලා ඉවරයි. Yuki මේ දවස් වල ඒක හදාගෙන යනවා. ළඟදිම එක්කත් Release කරන්න තමයි බලන් ඉන්නේ.
ඒ Track එකට ලැබෙන ප්‍රතිචාර බලන්න මං ගොඩක් ආසෙවෙන් බලන් ඉන්නේ, මොකද මං පළවෙනි වරට වෙනම විදියකට ලියපු ගීතයක් ඒක.


13. Interview එක ගැන මොකද හිතන්නේ?




ඇත්තටම ගොඩක් හොඳයි. ඔයා මේ විදියට ලංකාවේ  Rap Music වලට Support කරන එක ගොඩක් අගය කරන්න ඕනේ. ඔයාට ගොඩක් ස්තූතියි.


Interview By - Wagmee

Hit Songs By Samith Gomes

Samith Gomes - Interview Samith Gomes - Interview Reviewed by Wagmee on May 22, 2018 Rating: 5

No comments