Hustler Bhai - Interview


1.Hustler Bhai ගේ ඇත්ත නම මොකක්ද?

මගේ ඇත්ත නම " Hamdaan Hassan (හම්දාන් හසන් ) "
# Young Hustler කියන නම Hustler Bhai කියලා වෙනස් කරා මේ ලඟකදී.

2.ඉස්කෝලේ?

Kingswood College - මහනුවර

3.මොනවාද මේ දවස් වල අලුත් වැඩ? 

අලුත් වැඩ දෙක තුනක් ම එනවා, ළඟදීම විස්තරේ දෙන්නම්.
කියලා කරනවට වඩා කරලා කියන එක වාසි.

4.Hustler Bhaiරැප් සීන් එකට ආවේ කොහොමද? 

මම රැප් සීන් එකට ආවේ 2012-2013 කාල සීමාව ඇතුලත. ඒත් මගේ පළවෙනි track එක OUT කරේ 2015. මට රැප් කලාව ගැන පොඩි කාලේ ඉඳලම ආසාවක් තිබුනා. Facebook එකේ Y FM Group එකෙන් තමා පිස්සුව වැඩි උනේ. එතනින් මට හර්ෂ (Black Hunter) කියන පැහැදිලි චරිතේ සෙට් උනා. මට පාර පෙන්නුවේ ඒ චරිතේ. අද මම පොඩි හරි තැනක ඉන්නවනම් ඒකට හේතුව ඒ ඩයල් එක තමයි.


5.International රැප් Artistලාගෙන් ඔයා කාවද Follow කරන්නේ? 

Tupac තමා!


6.ඔයා කැමති Solo විදිහට යනන්ද Team විදිහට යන්නද? 

Solo විදියට යන්න කැමති.
තනියම දිව්වම මැරිලා වැටෙනකන් ම දුවන්න පුළුවන්. තව කෙනෙක්,දෙන්නෙක් සෙට් කරන් දුවද්දී එයාලට මහන්සි වෙද්දී මටත් නවතින්න සිද්ද වෙනවා.


7.අපි දැක්ක ඔයා ගොඩක් පිටරට අය එක්ක වැඩ කරනවා කොහෙන්ද මේ  Contact ? 

ඒ contacts මගේම මහන්සියෙන් හොයාගත්තුවා. පොඩි කාලේ ඉඳලම පිට රටවල් වල මිනිස්සු ආශ්‍රේ කරලා හැදුනු වැඩුනේ , English රැප් ඇරෙන්න වෙනත් භාෂාවන් වල රැප් එහෙමත් අහනවා. මට පට්ට ආසාවක් තිබ්බා ඒ රටවල් වල අයව සෙට් කරන් වැඩ කරන්න. ඉතින් මම ඒ වැඩේ පත්තු කරා. එයාලට කතා කරලා සෙට් කරගන්න ගේමක් තිබ්බේ නෑ. මගේ වැඩ බලපු හැමෝම මගෙත් එක්ක වැඩ කරන්න කැමති, මොකද Music වලට සම්බන්ධ මගේ ගොඩක් දේවල් මම කරගන්න නිසා.


8.Fans ලාගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද? 

ගින්දර! වෙනසට ගරු කරන සෙට් එකක් ඉන්නවා.


9.දැන් ඉන්න තැනට එන්න උදව් කරපු අය ඉන්නවාද, ඒ අයව මේ වෙලේ මතක් කරමු. 

දැන් ඉන්න තැනට එන්න මුල් හේතුව මම කලින් කිව්වා වගේ Black Hunter,
මගේ අම්මා තාත්තා! ,
Music පැත්තෙන් : Ayeshmantha (Month), Aki Vish (Rewind Studioz ), Amila M (ජය Records ), Nishal Janith (Gloomy)
Video පැත්තෙන් : Hiran Shamal, Devinda Madushan, MinnyMe , Asanga Sathsara වගේ තවත් අය.
Iraj අයියා, මගේ පලවෙනි Original Tracks දෙක Noize Tv Channel එකට ගත්තා. ඒක ලොකු ගැම්මක් දුන්නා.
Big Harsha, Big Doggy, Omee මාව Hiphop Cult Program එකට යන්න Chance එකක් දුන්නා.
සමහර පරණ සහ අලුත් Artist ලා ලොකු Push එකක් දුන්නා.
ඉතුරු හැම උදව්වක් ම මගේ වටේම ඉන්න යාළුවෝ. මගේ හැම වැඩක් ම සාර්ථක උනේ යාලුවෝ නිසා.
එදා ඉඳලා අද වෙනකන් Wagmee කියන චරිතෙත් හිටියා මගෙත් එක්ක.


10. Hustler Bhaiගේ  රැප් අහන අයට මොවාද කියන්න තියන්නේ?

වෙනසට ගරු කරන හැමෝටම වෙනස් විදියේ වැඩ දෙනවා. බලාගෙන ඉන්ඩ.

11.Hustlerගේ  Hatersලාට මොවාද කියන්න තියන්නේ?

Marketing කරන්ඩ තව තවත් Support එක දෙන්ඩ හැමදාම වගේ!

Interview By Wagmee


Hit Songs By Young Hustler
Hustler Bhai - Interview Hustler Bhai - Interview Reviewed by Wagmee on May 20, 2018 Rating: 5

No comments