Aki Vish - Interview

1.ඔයාගේ ඇත්ත නම මොකක්ද ? 

Aki Vish Hegoda - අඛිල විශ්වනාත් හෑගොඩ.

2.ඔයා රැප් වලට ආවේ කොහොමද?මොන වර්ෂයෙද ? 

Aki Vish Hegoda - මුලින්ම රැප් සංගීතය අහන්න යොමු වුනේ Iraj හා Ranidu කල අහංකාර නගරේ ගීතය ඇසීමෙන් පසුව.ඉන්පසු රැප් සංගීතය ගැන හොයන්න පටන් ගත්තා.Eminem,2pac වගේම BK,Hiran,Fill T වගේ අයගේ රැප් ඇහුවා.Iraj ගේ first album එකේ තිබ්බ රැප් ඔක්කොම කට පාඩම් වෙනකන් ඇහුවා.ඒ අනුව English වලින් රැප් කරන්න යොමු වුනා 2007 වර්ෂයේ වගේ.O/L වලින් පසු මම මගේම Audios Produce කරන්න පටන් ගත්තා.2009 වසරේ මගේ ප්‍රථම සිංහල රැප් ගීතය නිර්මාණය කලා.    

3.ගෙදරින් කැමතිද ඔයා රැප් කරනවට?

Aki Vish Hegoda - මගේ වෘත්තිය ගොඩාක්ම සංගීතය හා බැඳිලා තියෙන්නේ.ඉතිං මගේ දෙමව්පියන්ගෙන් විරුද්ධත්වයක් නැහැ.අර්ථවත් හොඳ දේවල් වලට ඔවුන් ගරු කරනවා.

4.දැනට ඉන්න වේගවත්ම Rapper ඔයා.කොහොමද ඔච්චර වේගයෙන් රැප් කරන්නේ ?
 

Aki Vish Hegoda - මම සෑම විටම කරන්නේ මට ලැබෙන /මම හදන ගීතයේ තේමාවට අනුකූලව රැප් එක ලියනවා.ඉන්පසු audio එකේ tempo එකට අනුව වචන ගොනු කරගෙන,අදාල Time signature එක ඇතුලත ඒ වචන හසුරුවනවා.ඒක හරියට රාගධාරී සංගීතයේ තියෙන තානාලංකාර වගේ.කුඩා කාලෙ සිට ශාස්ත්‍රීය මෙන්ම රැප් වැනි බටහිර සංගීත ශෛලියන්ගේ ආභාශය,සිංහල කතා කරන සිංහලයෙකු වීම හා පුහුණුව මට වේගයෙන් රැප් කරන්න උපකාරී වෙනවා.

5.රැප් ඔයා දකින්නේ කොහොමද ? 

Aki Vish Hegoda - සමාජයේ නිරන්තරයෙන් කතාබහට ලක් නොවන සැඟවුනු කරුණු ගැන සමාජය තුල කථිකාවතක් ඇති කල හැකි සංගීත ශෛලියක්.සරළව කිවුවොත් "රැප් යනු මං මුලා වූ ජීවිතයක් අන්ධකාරයෙන් ආලෝකයට ගත හැකි ශ්‍රේෂ්ඨතම කලාවක්"       

6.රැප් නවත්තනවද නැතිනම් දිගටම කරනවද ? 

Aki Vish Hegoda - ජීවිතය තියෙනකම් රැප් කරනවා.මරණෙන් පස්සෙත් පුලුවන්කමක් තියෙනවනම් රැප් කරනවා.

7.සංගීතය හදාරනවද ?
 

Aki Vish Hegoda - ඔව්.මම 2002 වර්ෂයේ සිට ශාස්ත්‍රීය හා බටහිර සංගීතය හදාරනවා.වර්තමානයේ ගායන අංශයෙන් "සංගීත් විශාරද" විභාගය සඳහා පෙනී සිටීමට සූදානම් වෙනවා.

8.කොහොමද යාලුවන්ගේ ප්‍රථිචාර ? 

Aki Vish Hegoda - ඉතා හොඳ ප්‍රථිචාරයක් තියෙනවා.ඒක සතුටට කරුණක්.

9.හිත ගත් තරුණියක් ඉන්නවද ? 

Aki Vish Hegoda - ඔව්!

10.දැන් වයස කීයද ? 

Aki Vish Hegoda - 22 යි!

11.අලුතින් එන Rappers ලට කියන්න මොනවහරි තියෙනවද ?
 

Aki Vish Hegoda - තේරුමක් නැති කරුණු ගැන රැප් කරනවට වඩා,සමාජයට වැදගත්,හරවත් දේවල් ගැන රැප් කරන්න.අනුකාරකයෙක් නොවී තමන් වෙන්න.

12.SL HIPHOP MUSIC Page එක ඔයා දක්කින්නේ කොහොමද?

Aki Vish Hegoda - ශ්‍රී ලංකාව තුල සයිබර් අවකාශයේ සිංහල රැප් ගැන කතා කරන, ඒ කලාව මිනිස්සු අතරට ගෙනියන, ඒ කලාවේ නියුතු වෙන පුද්ගලයන් දිරිමත් කරන ඉතාමත් හොඳ මාධ්‍ය ඒකකයක්..

Post By Dasitha Wagmee & Tharindu Madushanka
Aki Vish - Interview Aki Vish - Interview Reviewed by Unknown on April 14, 2015 Rating: 5

No comments