Born Lord - Interview
Hasanka Wickramarathna - දැන් අවුරුදු 8ක් වෙනවා!
2.ඇයි Team එකක් විදිහට රැප් කරන්න පටන් ගත්තේ?
Hasanka Wickramarathna -2006 වෙනකොට ඇත්තටම කිව්වොත් අපි රැප් Music ගැන එච්චර ආසාවක් තිබ්බේ නෑ . අපි ඇහුවේ ගොඩක්ම Rock Music.. කළුමල්ලි අරන් අපු Tech n9ne ගේ සින්දුවක් නිසා තමයි රැප් Music අහන්න උනන්දුවක් අවේ.. පොඩි කලේ ඉඳන්ම අපි කට්ටියම එකට හිටපු නිසා සින්දු ඇහුවෙත් එකට, Documentaries වලට ඔලුව දාලා බැලුවම අපි දැක්කේ NWA , RUN, DMC වගේ Crews රැප් Music හොලවපු හැටි, ආසාවක් අවා අපිටත් මෙහෙම කරන්න පුළුවන් නේද කියලා, වැඩිය ලෑස්ති වෙන්න ඕන උනේ නැහැ මොකද මගේම අයියයි මාල්ලියි( Raptor , D minor) හොදම යාලුවෝ ටිකයි සෙට් වෙලා හැදුවා Drillteam!
3.තව Drillteam විදිහට කොච්චර කල් රැප් කරනවද?
Hasanka Wickramarathna -අපි හිතන් ඉන්නේ මේ අවුරුද්දේ රැප් කරන එක නවත්තන්න, හැමෝම රැකියා කරන නිසා කාරීයබහුලයි!.. සමහර සමාජිකයන් ඉන්නේ දැන් වෙන රටවල් වල.. ඉස්සර පැයෙන් ලියපු රැප් දැන් එක ලියන්න සතියක් යනවා , ඔලුව නිදහස දැනෙන්න කරන්න ඕනේ වැඩක් මේක. කරන්නන් වැලේ කරනවට වඩා නවත්තන එක හොදයි කියන එකයි අපේ මතය. බලමු අයෙත් රැප් Scene එකට එන්න පුළුවන් කාලෙකින්. ඒ අවට එනේ Drillteam විදියට එක Team එකක් විදිහයට.
4.ඔයා රැප් කරන එක නවත්නවද?නැත්නම් දිගටම කරගෙන යනවද?
Hasanka Wickramarathna -රැප් Music මගේ ජීවිතේ වගේ. ඇතුලේ ඉන්න යකා එලියට දාගන්න පුළුවන් වූන එකම මාධ්‍ය මේක.. එක නිසා මම එකට ආදරෙයි! ටික කාලෙකට අයින් වෙනවා මේ අවුරුද්දෙන් පස්සේ , අවරුදු 20ක් පිටරටක දුක් වින්ද මනුස්සයෙක්ගේ හීනයක් හෑබැ කරන්න තියෙනවා.Rapper කෙන්නෙක් වෙන්න කලින් මම ඒ දේ කරන්න ඕනේ! සමහර විට ආය එන්නෙත් නැති වෙයි!
5.ඔයා රැප් කරන එකට ගෙදරෙන් කැමතිද? ඒ අයගේ ප්‍රතිචර කොහොමද?
Hasanka Wickramarathna -2007දී මේවා පටන් ගද්දි බොරු කියන්න ඕනේ නැ ගොඩක් බැනුම් ඇහුවා .. එත් ටික ටික ගමන යනකොට එයාලට තේරුණා අපි කරන්නේ තේරුමක් ඇති දෙයක් කියලා.. අම්මා , තාත්තායි දැන් ගොඩක් ආඩම්බරන් ඉන්නේ අපි දැන් ඉන්න තැන ගැන.. එයාලා මේක නවත්තනවට ගොඩක් විරුද්දයි දැන්!
6.කොහොමද ඔයගොන්ට ලැබෙන ප්‍රතිචාර?
Hasanka Wickramarathna -Fansලා හදවතින්ම Drillteam!! Drillteam කියන්නේ එක පාර ප්‍රසිද්ධ වුන Band එකක් නෙමේ.. අපි මුල් සින්දුව Zorro ඊට පස්සේ දුප්පත සින්දු දාපු කලේ මතකයි Views 1000ක් ගහන්න අපි මස ගණන් හිටියා. මුල ඉඳන්ම හම්බුන Fansලා අද වෙනකන් අපිත් එක්ක තියාගෙන අලුතින් Fansලා හාදාගෙන දැන් ලොකු තැනකට වඩා හොද තැනක ඉන්නවා. සමහර Fansලා වුන අය අපෙන් Inspire වෙලා දැන් අපිටත් වඩා හොදට රැප් කරනවා දැක්කම ඊට වැඩ සතුටයි!
7.අලුතෙන් එන Rappersලාට මොනාද කියන්න තියෙන්නේ?
Hasanka Wickramarathna -හ්ම්ම්ම්ම්.... තේරුමක් ඇති දෙයක් කරන්න. කණට කොඳුරනවාට වැඩ හදවත අමතන්න, Lyric ගැන හිතන්න.. කවුරු හරි කලින් කරපු දෙයකට වැඩා අලුත් දෙයක් අලුත් වචන අලුත් Rhyms ගැන හිතන්න.. අපි ඔයාලා එක්ක ඉන්නවා Verse එකක් කලාම අපිට එවන්න අඩුපාඩු තියෙනවනම් අපිට උදව් කරන්න පුළුවන් හදාගන්න, අපි ඔතන හිටියා, අපි දන්නවා ඔයාලට දැනෙන දේ! මතක තියාගන්න ඕගොල්ලෝ දාන සින්දුවක් නිසා සිංහල රැප් Fan කෙනෙක් අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්, එක තියෙන්නේ ඔයාලගේ අතේ!
8.මොනාද ඉස්සරහට කරන්න හිතන් ඉන්න වැඩ?
Hasanka Wickramarathna -මේ අවුරද්ද නවතන්නේ අපි Fansලාට ලොකු දෙයක් කරලා.. අපි වගේ , Cyher 14, මිනිසත්කම 2 , මන් මැරුණ දවසට වගේ තව සින්දු ගොඩක් තියෙනවා අපි ලැස්ති කරන්. අවුරුදු ඉවර වෙනකන් ඉන්නේ!
Hasanka Wickramarathna -ගොඩක් ඉන්නවා.. Fill - T , Killer B , BK , Big Doggy, Chinthy වගේ Rappersලාව මතක් කරන්න ඕනේ එයාලා තමයි බලකණු, K-Mac , Omee , Kaizer ඒ වගේම මගේ Crew එකේ හැමෝම , Minol , Chrish Vix ඉස්සරහට ලොකු දෙයක් කරයි! Prasa Kg , Smokio , Ravi J ලොකු වෙනසක් කරයි රැප් වලට!
10.SL HIPHOP MUSIC Page එක ගැන මොනාද කියන්න තියෙන්නේ?
කාගෙවත් පැත්තක් ගන්නේ නැතුව හරියට කරගෙන යන 1කම Page එක! මේ කරන්නේ ඇත්තටම හොද වැඩක්.. වටිනවා!
Post By - Dasitha Wagmee
Born Lord - Interview
Reviewed by Unknown
on
April 13, 2015
Rating:

number ekak denawanam watinawa drill team eka contact karaganna
ReplyDeleteelama drill team eka contact krnna thiynwda?
ReplyDelete