Omee - Interview

1.ඕමී කියන්නේ මොන විදිහේ චරිතයක් ද?

Omee - ඉක්මනට තරහා යන කෙන්නෙක්.බොරුව රැවටිල්ල පෙන්න බැහැ.. ඕන කෙනෙක්ට උදව් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ.බොරු සෝබන,ලොකු කතා නැහැ. තැනෙ විදියට මිනිස්සු එක්ක වෙනස් වෙනවා,හැසිරෙනවා.

2.ඔයාට රැප් අහන්න , කරන්න උනන්දුව ඇති වුනේ කාගෙන්ද?

Omee - මම පොඩි කාලේ හොදක් NWA සින්දු අහනවා 6-7 ඉන්නකොට. Ice Cube තමයි අසම Character එක ඉතං එකෙන් තමයි ආසාව පටන් ගත්තේ.. පොඩි කලේ මම 6th Lane Band එකේ ලොකු Fan කෙනෙක්.මට මතකයි ඒ කලේ Market එකට අවේ Cassette. එකේ එන Cover එක මගේ purse එකේ Lyrics එක්ක හැමවෙලේම තිබ්බා සහ අද මම 6th lane Band එකේම සාමාජිකයෙක්, එක මාරම ලොකු Dream එකක් ඇත්ත වුණා දෙයක්

3.ඔයා වැඩියෙන්ම කැමති presenter කෙනෙක් වෙන්නද?Rapper කෙනෙක් වෙන්නද?

Omee - රැප් කරන එකේ හඬ තමයි Present කරන්න Invite කලේ එක නිසා අනිවාර්යෙන්ම කැමති රැප් කරන්න, ඒක කලේ නැත්නම් Presenting අද නැහැ.

4.ඇයි ඔයා වෙනස් විදියේ සින්දු කරන්නේ?

Omee - වෙනස් විදියේ සින්දු කරන්නේ හිතලා නම් නෙමෙයි එක ඉබේටම වෙනවා සහ මම හැමවෙලේම අබියෝග කරන්නේ මට,සමහරවිට එකෙන් වෙන්න ඇති වෙනස් දේවල් හැදෙන්නේ.

5.ගෙදරින් කැමති වුනාද ඔයා රැප් කරනවට?

Omee - "HaHa" මම ගෙදරට කියලා නෙමෙයි කිසිම දෙයක් කරන්නේ,ගෙදරින් අහන්නෙත් නැහැ හොයන්නෙත් නැහැ, පළවෙනි සින්දුව එලියට අවම තමයි ගෙදර අය දන්නේ මම එක කළා කියලා.

6.අපි දැනගන්න කැමති ඕමීගේ ජීවිත කතාවෙන් පොඩ්ඩක්!

Omee -
අම්ම නැහැ මගේ, තාත්තා විතරයි ඉන්නේ, ඉගෙන ගන්න ඕනේ කලේ සේරම දේවල් කළා. ගොඩක් අය නොදන්න පැත්තක් මගේ තියනවා එක දන්නේ මාව ලගින් ආශ්‍රය කරන අය විතරයි. මම හිටියේ Russia වල. ඒ කලේ ගොඩක් දේවල් වුනා. Hood Life එක උපරිමට මම වින්දා දැක්කා,කට්ටිය ගොඩක් මත එක්ක හිටියා,අන්තිමට ගොඩක් ප්‍රශ්න වුනා.මාස 5ක් තනියෙන් Russia වල CIP (Central Isolation Penitentiary) එකේ මම ඉදල තියෙනවා, එකෙන් තමයි මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුනේ. ලොකු කමට කියනවා නෙමෙයි  දැන් මම ගොඩක් වෙනස් කෙනෙක් ඉස්සර නටපු ඒවා දැන් නටන්නේ නැහැ මොකද අනාගතය සහ ජීවිතය කියන එක විදපු දුක් එක්ක  ආශ්‍රය කරපු අය එක්ක මම හොදට තේරුම් අරන් තියන්නේ.

7.අලුතෙන් ඒන Rappersලාට මොනාද කියන්න තියෙන්නේ? 

Omeeඅලුතෙන් එන අයට කියන්නේ තමගේම ඇගේ තියෙන විදිය ඉස්සෙල්ලා හොයාගන්න තමන්ට යන්න පුළුවන් කරන්න පුළුවන් scale එක මොකක්ද කියලා තිරණය කරගන්න, තමන් අනිත් අයට නෙමෙයි තමන්ටම අබියෝගයක් වෙන්න.

8.රැප් කරන ඒක නවත්තනවාද? 

Omee - ඔව්! එක නවත්තනවා තව ටික කාලකින් මොකද ඊට වඩා ගොඩක් දේවල් කරන්න තියෙනවා මට. එත් මම පිටිපස්සේන් ඉදන් එන අයට Support එක දෙනවා, දැනටත් ගොඩක් දෙනෙක්ව හදාගෙන යන්නේ ඒ අයව හදලා ඉස්ස‍රහට දාලා වෙන්නේ මොකක්ද කියලා බලන් ඉන්නවා, අපි අයින් වෙලා අනිත් අයට තැන දෙන්න ඕනේ අපි විතරක් හැමවෙලේම පිපිලා ඉදලා වැඩක් නැහැ.

9.ඉස්සරහාට කරන්න හිතන් ඉන්න වැඩ මොනාද? 

Omee - මගේ Business ටික පටන් ගන්න ඕනේ,ඊට අමතරව ඔලුවේ වෙන දෙයක් නැහැ,එන විදියට තමයි Handle කරන්නනේ..

10.ඔයා කැමතිම ලංකවේ Rapperලා කවුද?

Omeeමුලින්ම මාව මේතැනට ගෙනාපු Fill-T . Big Doggy , BornLord ,  BK , ක්‍රිෂාන් , අලුත් Rappersලාගෙන් Smokio සහ Prasa Kg , Spin Spittah ගොඩක් හොදයි! අනිත් හැමෝටමත් තමාගේම unique styles තියවා එත් මගේ personal කැමැත්ත.

11.ඔයා Mainstream Rapper කෙනෙක්ද? Underground Rapper කෙනෙක්ද? 

Omee -
මම පටන් ගත්තේ Underground එත් දැන් Mainstreamවෙලාද මන්දා.එත් දෙකටම සින්දු මන් කරනවා.

12.SL HIPHOP MUSIC Page එක ගැන මොනාද කියන්න තියන්නේ?


Omee - ගොඩක් හොදයි, වටිනා අදහසක්. සුපිරි සහ මේ වගේ අදහස් තියෙනවානම් තව කරන්න.!

Post By - Dasitha Wagmee
Omee - Interview Omee - Interview Reviewed by Unknown on April 19, 2015 Rating: 5

1 comment