Koththuwa - Interview

1.ඔයාගේ ඇත්ත නම මොකක්ද?


2.ලංකවේ හැමෝම වගේ රැප් කරන්නේ තමන්ගේ ඇත්ත නමින්  නැත්නම් Nick Name එකක් දාලා ඒත් ඒ ඔකොම English නම් ඇයි ඔයා විතරක් සිංහල නමක් දැම්මේ?

කොත්තු නිහාල් - මන් රැප් කරන්නේ සිංහලෙන් ඉතින් මගේ රැප් නේම් එකත් සිංහලෙන්ම දාන්න ඕනේ කියලා හිතුවා. මේක මන් අමුතුවෙන් දාගත්ත නමකුත් නෙමෙයි. යාළුවෝ මට කථා කරන්නේ කොත්තුවා කියලා ඉතින් ඒ නමම රැප් නේම් එක විදිහට පාවිච්චි කරන්න හිතුවා.

3.රැප් කරන එක ගැන මොනාද ඔයාගේ ගෙදරෙන් කියන්නේ?

කොත්තු නිහාල් - මන් කවදාවත් ගෙදර අයට කියලා නැ මන් රැප් කරනවා කියලා. මගේ යාළුවෝ තමයි ගෙදරට ඇවිත් මගේ ඒවා ගෙදර අයට පෙන්නන්නේ.
මාව හැදුවේ ආච්චි. මන් පොඩි කාලේ ඉරාජ් අයියගේ සිංදු අහද්දි ආච්චි ගෙදරින් එලියට යනවා ඒවා අහන් ඉන්න බැ කියලා. පස්සේ පස්සේ ආච්චිත් රැප් සිංදු වලට කැමති වෙන්න ගත්තා. ඒකට ඇත්තටම ලොකු කාලයක් ගියේ නැ. එතකොට දවල්ට සිරස එකේ දිගන්තය කියලා ප්‍රෝග්‍රැම් එකක් ගියා. ආච්චි ඒක බලනවා. නිකන් හරි ඒකෙ අලුත් සිංදුවක් ගියොත් ආච්චි ඒකෙ නම කොලේක ලියලා තියලා මන් ඉස්කෝලේ ඇරිලා ආවම දෙනවා. ඒ ඉස්සර, දැන්නන් සිංහල රැප් අහන්න ආච්චි මාර ආසයි. ඉතින් මට රැප් කරන්න එපා කියලා කියන්නැ ගෙදරින්.


4.රැප් කළාව ඔයා දකින්නේ කොහොමද?

 

කොත්තු නිහාල් - ඒකට උත්තරේ මන් දෙනවා තව ටික දවසකින් එන සිහළ අකුරු කියන සිංදුවෙන්.
ඒක තව සති දෙකකින් විතර ඔයාලට අහන්න පුළුවන්.!

5.දැන් ලංකවේ Rappersලා එක පිට එක එනවා ඒ අයට මොනාද කියන්න තියෙන්නේ? 


කොත්තු නිහාල් - රැප් කරන්න හැබැයි රැප් මරන්න එපා. මට කාටවත් කියන්න අයිතියක් නැ රැප් කරන්න එපා කියලා. ඒත් ඉරාජ්, Fill T වගේ අය රැප් කියන දේ අද තියෙන තැනට ගේන්න මිනිස්සුන්ගෙන් ගොඩක් බැනුම් ඇහුවා, අදටත් අහනවා. ඒත් අද රැප් වලට බනින මිනිස්සු අඩුයි. මොකද මිනිස්සුන්ට තේරෙනවා රැප් කියන දේ හරි විදිහට කලොත් සමාන්‍ය සිංදුවකට වඩා දෙයක් රැප් සිංදුවකින් කරන්න පුළුවන් කියලා. අනික තමන්ට තේරෙන භාෂාවෙන් වචන ගොඩක් රිද්මයකට, තාලයකට කණට ඇහෙද්දි ඕනම කෙනෙක් ඒකට ඇබ්බැහි වෙනවා ඒකයි සිංහල රැප් අහන පිරිස අද මෙච්චර වැඩි වෙලා තියෙන්නෙ, ඉතින් ඒ පිරිස තව වැඩි කරගමු. කොහොමත් 2015 අවුරුද්ද ඉවර වෙද්දි රැප් පැත්තෙන් ලංකාවේ ලොකු දෙයක් වෙනවා!

6.රැප් වලට ඇවිල්ලා දැන් කොච්චර කාලයක් වෙනවද?

කොත්තු නිහාල් - මුලින්ම කලේ 2008දි. "දඟකාර නෙතු ඇත්ති" කියලා ට්‍රැක් එකක්. ඒකෙ සිංහල රැප්නන් තිබ්බේ නැ. කෝරස් එක විතරයි සිංහලෙන් තිබ්බේ. සෙන්ටිග්‍රේඩ්zලගේ ඩාර්ක් ඒන්ජල් සිංදුව නිසා තමයි අපිටත් සිංදුවක් කරන්න හිතුනේ. ඉස්කෝලේ යාළුවෝ හතර දෙනෙක් එකතු වෙලා වැඩේ පටන් ගත්තේ. රැප් එක ලියාගත්තෙත් ඉන්ග්‍රිසි ටීචර්ට කියලා කෝරස් එකනන් මන් ලිව්වේ. අපි එතකොට මුකුත් දැනන් හිටියේ නැ. අපිමයි පුළුවන් විදිහකට බීට් එකක් හදාගත්තේ. ඒක නිකන් අපිට අහන්න කරපු ට්‍රැක් එකක් වගේ. ඊට පස්සෙනන් මුකුත් කලේ නැ ඒ සෙට් එක එහෙමම කැඩිලා ගියා. එතනින් පස්සේ යු ටියිබ් එකට ෆෝන් එකෙන් රෙකෝඩ් කරපු ක්ලිප්ස් දදා හිටියා. ගිය අවුරුද්දේ අහස ට්‍රැක් එකෙන් තමයි හරියටම රැප් කරන්න පටන් ගත්තේ.

7."අහස" අහස Team එක ගැන මොනාද කියන්න තියෙන්නේ?

කොත්තු නිහාල් - ඒකට උත්තරේ අපිව අහන අයගෙන් අහමු!

8.Prasa kgව ඔයා දකින්නේ කොහොමද?

කොත්තු නිහාල් - ලංකාවේ ඉන්න හොඳම රැපර් කෙනෙක්  ඒ වගේම මන් ආසම රැපර් කෙනෙක්.

9.පිටරට අය සමග ඔයාට රැප් කරන්න ලැබුනොත් ඔයා යනවද?

කොත්තු නිහාල් - ඔව් එහෙම දෙයක් ලඟදීම වෙයි. හැබැයි මන් රැප් කරන්නේ සිංහලෙන්.

10.කොහොමද ඔයාට ලැබෙන ප්‍රතිචාර Fansලාගෙන්? 

කොත්තු නිහාල් - මට ෆෑන්ස්ලා නෑ, ඉන්නේ යාළුවෝ.

11.රැප් නවත්තනවාද?

කොත්තු නිහාල් - පුළුවන් උපරිම කාලේ වෙනකන් කරනවා.

12.ලංකවේ ඉන්න අනිත් Rappersලාගෙන් කැමති කාටද?

කොත්තු නිහාල් - රැප් කරන කාටවත්ම අකමැති නැ.

13.SL HIPHOP MUSIC Page එක ගැන මොනාද කියන්න තියන්නේ?

කොත්තු නිහාල් - ඇත්තටම හොඳ වැඩක්. දිගටම කරන් යන්න!

Post By - Dasitha Wagmee 
Koththuwa - Interview Koththuwa - Interview Reviewed by Unknown on April 14, 2015 Rating: 5

1 comment